කපුටෙකුගේ ප්‍රහාරයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (ඡායාරූප)

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මන්ත්‍රීවරයෙකු කපුටෙකුගේ ප්‍රහාරයට ලක්වන ආකාරය ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මෙලෙස කපුටෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආම් ආද්මි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාඝව් චාඩා බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දුරකථනයෙන් කතා කරමින් සිටියදී මෙම කපුටු ප්‍රහාරයට ලක්ව ඇති අතර, එම සිදුවීම අසළ සිටි කැමරා ශිල්පියෙකුගේ කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.

එම ඡායාරූපය සමාජ මාධ්‍යයේ පළකිරීමත් සමඟ ඊට විශාල වශයෙන් ප්‍රතිචාර ගලා ආ බවයි වාර්තා වන්නේ.

එලෙස ලබාගත් ඡායාරූපය භාරතීය ජනතා පක්ෂයේ දිල්ලි ඒකකයේ නිල ට්විටර් ගිණුමේ පළකර තිබුණේ “ජූත් බෝලේ කව්වා කාටේ” (කපුටා බොරුකාරයාට දෂ්ඨ කරයි ) යන පැරණි හින්දි කියමනක් ද උපහාසාත්මකව යොදමින්.

03 3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
14
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?