AFC Banner
Empty Ad
Empty Ad

වසර 08ක් වීසා නැතිව රැඳී සිටි විදෙස් ජාතිකයා අනියම් බිරිඳගේ නිවසට ගොස් එද්දී මාට්ටු

වසර අටකට ආසන්න කාලයක් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයෙකු මාරවිල, මැදගොඩ ප්‍රදේශයේ දී මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහොමඩ් සිෆෝන් නැමැති මෙම බංග්ලාදේශ ජාතිකයා අද (25) අලුයම් කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ විදේශීකයාගේ විදෙස් ගමන් බලපත්‍රය 2015 නොවැම්බර් මාසයේ දී අවලංගු වී ඇති අතර, එතැන් සිට නීති විරෝධී අන්දමින් ඔහු මෙරට තුළ රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේ දී අනාවර්ණය වී ඇත්තේ, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි සිය අනියම් බිරිඳගේ නිවසට ගොස් ආපසු වෙන්නප්පුව ප්‍රදේශයට ගමන් කිරීමට සූදානම්ව සිටි බවයි.

නීති විරෝධී අයුරින් රට තුළ රැඳී සිටි සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගමන් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (25) දින මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
7
+1
40
+1
5
+1
6
+1
5
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?