වසර 08ක් වීසා නැතිව රැඳී සිටි විදෙස් ජාතිකයා අනියම් බිරිඳගේ නිවසට ගොස් එද්දී මාට්ටු

වසර අටකට ආසන්න කාලයක් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයෙකු මාරවිල, මැදගොඩ ප්‍රදේශයේ දී මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහොමඩ් සිෆෝන් නැමැති මෙම බංග්ලාදේශ ජාතිකයා අද (25) අලුයම් කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ විදේශීකයාගේ විදෙස් ගමන් බලපත්‍රය 2015 නොවැම්බර් මාසයේ දී අවලංගු වී ඇති අතර, එතැන් සිට නීති විරෝධී අන්දමින් ඔහු මෙරට තුළ රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේ දී අනාවර්ණය වී ඇත්තේ, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි සිය අනියම් බිරිඳගේ නිවසට ගොස් ආපසු වෙන්නප්පුව ප්‍රදේශයට ගමන් කිරීමට සූදානම්ව සිටි බවයි.

නීති විරෝධී අයුරින් රට තුළ රැඳී සිටි සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගමන් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (25) දින මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55