ට්‍රැෆික් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් පහළොවක් අත්අඩංගුවට

රථවාහන රාජකාරිවල නිරතව සිටි තොඩුවාව පොලිසියේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව මත කාන්තාවක් ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොඩුවාව පොලිසිය මඟින් ඊයේ (24) පස්වරුවේ මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනා පෙරේදා (23) රාත්‍රියේ තොඩුවාව, බරුදැල්පොල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතවව සිටිය දී යතුරුපැදියකට නවත්වන ලෙසට අණකර තිබුනද එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

එලෙස අණ නොතකා ධාවනය කළ යතුරුපැදියට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි දෙදෙනාම තුවාල ලබා ඇති බව සඳහන්.

එම සිද්ධිය මුල්කරගනිමින් කුපිත වූ බරුදැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස පහරකෑමට ලක්වූ නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සොයා ඊයේ (24) පොලිස් කණ්ඩායම් කිපයක් මෙහෙයුමක් ආරම්භකර තිබුණා.

එම මෙහෙයුමේ දී සිද්ධියට සම්බන්ධ බව කියන එක සැකකාරියක් සහ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පිරිස මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10