spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රැෆික් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් පහළොවක් අත්අඩංගුවට

රථවාහන රාජකාරිවල නිරතව සිටි තොඩුවාව පොලිසියේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව මත කාන්තාවක් ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොඩුවාව පොලිසිය මඟින් ඊයේ (24) පස්වරුවේ මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනා පෙරේදා (23) රාත්‍රියේ තොඩුවාව, බරුදැල්පොල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතවව සිටිය දී යතුරුපැදියකට නවත්වන ලෙසට අණකර තිබුනද එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

එලෙස අණ නොතකා ධාවනය කළ යතුරුපැදියට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි දෙදෙනාම තුවාල ලබා ඇති බව සඳහන්.

එම සිද්ධිය මුල්කරගනිමින් කුපිත වූ බරුදැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස පහරකෑමට ලක්වූ නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සොයා ඊයේ (24) පොලිස් කණ්ඩායම් කිපයක් මෙහෙයුමක් ආරම්භකර තිබුණා.

එම මෙහෙයුමේ දී සිද්ධියට සම්බන්ධ බව කියන එක සැකකාරියක් සහ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පිරිස මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?