නළ ළිං කුහරයකට වැටුණු අවුරුදු 03ක දරුවෙක් මුදාගැනීමේ මෙහෙයුමක්

නළ ළිං කුහරයකට වැටී ඒ තුළ සිරවී සිටින වයස අවුරුදු 03ක කුඩා දරුවෙක් මුදවා ගැනීමට මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා හි කුල් ගම්මානයේ ජීවත් වූ දරුවෙක් මෙලෙස නළ ළිං කුහරයකට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ශිවම් කුමාර් නැමැති මෙම දරුවා තවත් දරුවන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී කලකට පෙර හාරා තිබූ අනාරක්ෂිත නළ ළිං කුහරයකට මෙලෙස ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දරුවා සමඟ සෙල්ලම් කරමින් සිටි අනෙක් ළමුන් සිද්ධිය පිළිබඳව දරුවාගේ මව්පියන් දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව දරුවා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මේ මොහොත වනවිටත් එම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙහෙයුමට සම්බන්ධ වී සිටින මුදවාගැනීමේ නිලධාරී පැවසුවේ දරුවා තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහුගේ කට හඬ ඔවුන්ට ඇසෙන බවයි.

ප්‍රදේශයේ ගොවියෙකු විසින් හාරා ඇති මෙම නළ ළිඳ භාවිතයට ගැනීමෙන් පසුව අතහැර දමා ඇති අතර, එය වසා දැමීමට ඔහු කටයුතු කර නැහැ.

මෙවැනි ආකාරයේ අනාරක්ෂිත නළ ළිං තුළ සිරවීමෙන් ඉන්දියාවේ කුඩා දරුවන් කිහිප දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27