Empty Ad
AFC Banner
Empty Ad

නළ ළිං කුහරයකට වැටුණු අවුරුදු 03ක දරුවෙක් මුදාගැනීමේ මෙහෙයුමක්

නළ ළිං කුහරයකට වැටී ඒ තුළ සිරවී සිටින වයස අවුරුදු 03ක කුඩා දරුවෙක් මුදවා ගැනීමට මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා හි කුල් ගම්මානයේ ජීවත් වූ දරුවෙක් මෙලෙස නළ ළිං කුහරයකට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ශිවම් කුමාර් නැමැති මෙම දරුවා තවත් දරුවන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී කලකට පෙර හාරා තිබූ අනාරක්ෂිත නළ ළිං කුහරයකට මෙලෙස ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දරුවා සමඟ සෙල්ලම් කරමින් සිටි අනෙක් ළමුන් සිද්ධිය පිළිබඳව දරුවාගේ මව්පියන් දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව දරුවා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මේ මොහොත වනවිටත් එම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙහෙයුමට සම්බන්ධ වී සිටින මුදවාගැනීමේ නිලධාරී පැවසුවේ දරුවා තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහුගේ කට හඬ ඔවුන්ට ඇසෙන බවයි.

ප්‍රදේශයේ ගොවියෙකු විසින් හාරා ඇති මෙම නළ ළිඳ භාවිතයට ගැනීමෙන් පසුව අතහැර දමා ඇති අතර, එය වසා දැමීමට ඔහු කටයුතු කර නැහැ.

මෙවැනි ආකාරයේ අනාරක්ෂිත නළ ළිං තුළ සිරවීමෙන් ඉන්දියාවේ කුඩා දරුවන් කිහිප දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ගිය දිලිත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ දුක කියයි - දිලිත් දැකලා සතුටින් පිනා ගිය මිනිස්සු
08:42
Video thumbnail
ආණ්ඩුවේ - විපක්ෂයේ ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවේ සෙල්ලම් කරපු හැටි
05:44
Video thumbnail
ප්‍රථම වරට පන්සලක දවල් දානය නවත්වයි - දානය නැවැත්තුවේ රාජ්‍ය අනුග්‍රහයෙන්
12:12
Video thumbnail
සීලරතන හාමුදුරුවන්ගේ සුපිරි බුලට් එක මෙන්න
07:40
Video thumbnail
හොඳට තියෙන පලු ගස් කපන්න ඇවිත් ගමක් උණුසුම් වෙයි
27:51
Video thumbnail
මෙන්න අම්මටසිරි වෙන මන්ත්‍රී හොරු - ෆයිල් 400ක් අපි ළඟ තියෙනවා
26:30
Video thumbnail
ඉදිරියේදි මෙහෙයුම් වැටලීම් ක්‍රියාත්මකයි!
08:52
Video thumbnail
අසේල සම්පත් කාටද මේ සුද්ද සිංහලෙන් අමතන්නේ - දළඳා මාලිගාව විකුණන් කන අප්පුහාමි
06:55
Video thumbnail
සාගර ජනපතිටත් ප්‍රසිද්ධියේම දෙහි කපයි
00:53
Video thumbnail
වැසිකිළියට ගිහින් වැඩෙත් කරලා - වටේම ගදගැස්සුවා වතුර නොගහා ඇවිත්
07:25

?