යාපනය පසෙයියුර් ප්‍රදේශයේදී උසස් පෙළ හදාරමින් සිටි තරුණියක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව යාපනය පොලීසිය සදහන් කරනවා.
එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19 ක් පමණ වන ලිසියස් මේරි සනුයා නැමති තරුණිය මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.
ඇය පවුලේ සාමාජිකයින් සමග ඇතිවු බහිම්බස් විමක් හේතුවෙන් සිරුරට භූමිතෙල් වකකරගෙන මෙසේ ගිනි තබාගෙන ඇති බව මුලික විර්ෂණ වලින් අනාවරණයවි තිබේ.එහිදී ඇය බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇති අතර පසුව ඇය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
කෙසේ වෙතත් එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර චුන්ඩිකුලි බාලිකා විද්‍යාලයෙන් ජීව විද්‍යා විෂය ධාරාව යටතේ උස්පෙළ හදාරමින් සිට තිබේ.
මරණය සම්බන්ධයෙන් යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක වරයා පරණ පරීක්සණය පවතවන ලදි