ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ බන්ධනාගාරය තුළ සිටයි

ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කර දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ බන්ධනාගාරය තුළදී බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (17) අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර ගණනාවක් සිරගතව සිට නිදහස් වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ව දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කිරීම සිදුකරනු ලැබුවා.

එම සැකකරුවන්ගෙන් තිදෙනෙක් ඊයේ (17) දින මෙලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියා සිටියේ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

පසුගිය ජනාධිපතිවරණය පැවැති වකවානුවට සමගාමීව ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම පසුගිය වසරේ ඔක්තෝබර් 07 සහ 08 දිනවල පුද්ගලයින් යොදවා සංචාරක කලාපය වීඩියෝ ගත කිරීම හා ඡායාරූප එක් රැස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, පසුගිය ඔක්තෝබර් මස 19 වැනිදා සිටයි.

ඒ, අතරින් යෝගරාජා නිරෝජන්, සුරේස් රංජන, ඩබ්ලිව්.ඒ. දොන් අමරසිරි යන සැකකරුවන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ.

පළමු සැකකාර බිලාල් අහමඩ් කැස්බෑව ඩිපෝවේ බස් රථයකට 2008 වසරේදී බොම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ආනන්දන් සුගාදරන් යන අයව බන්ධනාගාරය තුළදී ඇසුරු කර ඇති බව ද අනාවරණයට වූ බව අධිකරණයට දන්වා තිබෙනවා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජින්ද කන්දෙ ගෙදර අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෝ පොලීසිය පළමු සැකකරුගෙන් කිසියම් ලේඛන ගොනු කිහිපයකට අත්සන් ලබාගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට යොමු කළ දින සිට අධිකරණයේ අධීක්ෂණය ඔවුන් කෙරෙහි තිබූ බවත්, සැකකරුවන් නිරීක්ෂණයට ගිය කිසිදු අවස්ථාවක ඔවුන් ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවයි.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34