යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

මේජර් ජෙනරාල් සංජය වනසිංහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.

ඒ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි යි.

ඔහු හිටපු යුද හමුදාපතිවරයෙක් වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයා ද වනවා.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ 1981 වසරේ සිට 1991 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සහ ආරක්ෂක ලේකම් ලෙසද කටයුතු කර තිබෙනවා.