ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ ආරම්භයේදීම ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

25 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ආරම්භක දිනයේදීම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත්වුණා.

මීටර් 1500 කාන්තා ඉසව්වේදී ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නදීශා ලේකම්ගේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

බැංකොක් හි පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 4යි තත්පර 14.39කින් තරගය නිම කරමින්.

නදීශා ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ මීටර් 60.93ක දුරක් වාර්තා කරමින්.

මෙය නව ජාතික වාර්තාවක් ද වනවා.

එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට ජපන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමත් වුණා.

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද බැංකොක් නුවරදී ආරම්භ වූ අතර එය ලබන ඉරිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගී වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?