ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ ආරම්භයේදීම ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

25 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ආරම්භක දිනයේදීම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත්වුණා.

මීටර් 1500 කාන්තා ඉසව්වේදී ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නදීශා ලේකම්ගේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

බැංකොක් හි පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 4යි තත්පර 14.39කින් තරගය නිම කරමින්.

නදීශා ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ මීටර් 60.93ක දුරක් වාර්තා කරමින්.

මෙය නව ජාතික වාර්තාවක් ද වනවා.

එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට ජපන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමත් වුණා.

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද බැංකොක් නුවරදී ආරම්භ වූ අතර එය ලබන ඉරිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගී වී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32