දිමුත්ට ආබාධයක් – අවසන් මහා තරගයත් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට නෙදර්ලන්ත කණ්ඩායම සමග අද (09) පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් අද තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

දිමුත් වෙනුවට පසුගිය තරගයට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි. මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වන තරගය පැවැත්වෙන්නේ හරාරේහිදීයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගී වූ සියලූ තරග ජය ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ වසර 44කට පසුවයි.

මීට පෙර 1979 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරගාවලියේ අවසන් මහා තරගයට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා.

එහිදී කැනඩාව පරාජය කරමින් ශූරයින් බවට පත් වුයේද ශ්‍රී ලංකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
8
+1
3
+1
21
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06