AFC Banner
Empty Ad
Empty Ad

දිමුත්ට ආබාධයක් – අවසන් මහා තරගයත් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට නෙදර්ලන්ත කණ්ඩායම සමග අද (09) පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් අද තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

දිමුත් වෙනුවට පසුගිය තරගයට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි. මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වන තරගය පැවැත්වෙන්නේ හරාරේහිදීයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගී වූ සියලූ තරග ජය ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ වසර 44කට පසුවයි.

මීට පෙර 1979 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරගාවලියේ අවසන් මහා තරගයට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා.

එහිදී කැනඩාව පරාජය කරමින් ශූරයින් බවට පත් වුයේද ශ්‍රී ලංකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
8
+1
3
+1
21
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?