ගණිකා නිවාස වටලා 12ක් අත්අඩංගුවට

ලැගුම්හලක් මුවාවෙන් සහ සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 3ක් වටලා කාන්තාවන් ඇතුලු 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත සහ රත්මලාන ප්‍රදේශවලදීයි මෙම වැටලීම් සිදුකර ඇත්තේ.

ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (07) රාත්‍රී රත්මලාන ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබුණා.

එහිදී සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 2ක් වටලා කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් කාන්තාවන් 5 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

අවුරුදු 23 සහ 39 අතර වයස්වල පසුවන කාන්තාවන් කටුගස්තොට නුගේගොඩ පොල්ගහහේන අහංගම නාගොල්ල බද්දේගම සහ කැකිරාව ප්‍රදේශවල පදිංචිකාරියන් පිරිසක්. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හලාවත – නූර් වත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් මුවාවෙන් ගණිකා නිවාසක් පවත්වා ගෙන ගිය අයෙකු සහ එම ස්ථානයේ රැදී සිටි කාන්තාවන් 4 දෙනෙකු හලාවත කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාට ලැබී තිබූ තොරතුරකට අනුවයි ඊයේ සවස මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේදී ලැගුම්හලේ හිමිකරු පළා ගොස් තිබෙනවා.

ලැගුම්හලේ කළමණාකරු ලෙස කටයුතු කරමින් සිටි වයස අවුරුදු 44ක් වන අයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හලාවත – මයික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගණිකා සේවය ලබා දීම සදහා ලැගුම්හලේ රැදී සිටි වයස අවුරුදු 48,42 සහ 41 වියේ පසුවන කාන්තාවන් තිදෙනෙකු ද ‍පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඉබ්බාගමුව,ගල්කිරියාගම, සීදුව සහ දික්ඔය පදිංචිකරුවන් පිරිසක්.

පළා ගිය ලැගුම්හලේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරියන් හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32