ගණිකා නිවාස වටලා 12ක් අත්අඩංගුවට

ලැගුම්හලක් මුවාවෙන් සහ සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 3ක් වටලා කාන්තාවන් ඇතුලු 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත සහ රත්මලාන ප්‍රදේශවලදීයි මෙම වැටලීම් සිදුකර ඇත්තේ.

ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (07) රාත්‍රී රත්මලාන ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබුණා.

එහිදී සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 2ක් වටලා කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් කාන්තාවන් 5 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

අවුරුදු 23 සහ 39 අතර වයස්වල පසුවන කාන්තාවන් කටුගස්තොට නුගේගොඩ පොල්ගහහේන අහංගම නාගොල්ල බද්දේගම සහ කැකිරාව ප්‍රදේශවල පදිංචිකාරියන් පිරිසක්. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හලාවත – නූර් වත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් මුවාවෙන් ගණිකා නිවාසක් පවත්වා ගෙන ගිය අයෙකු සහ එම ස්ථානයේ රැදී සිටි කාන්තාවන් 4 දෙනෙකු හලාවත කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාට ලැබී තිබූ තොරතුරකට අනුවයි ඊයේ සවස මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේදී ලැගුම්හලේ හිමිකරු පළා ගොස් තිබෙනවා.

ලැගුම්හලේ කළමණාකරු ලෙස කටයුතු කරමින් සිටි වයස අවුරුදු 44ක් වන අයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හලාවත – මයික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගණිකා සේවය ලබා දීම සදහා ලැගුම්හලේ රැදී සිටි වයස අවුරුදු 48,42 සහ 41 වියේ පසුවන කාන්තාවන් තිදෙනෙකු ද ‍පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඉබ්බාගමුව,ගල්කිරියාගම, සීදුව සහ දික්ඔය පදිංචිකරුවන් පිරිසක්.

පළා ගිය ලැගුම්හලේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරියන් හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?