AFC Banner
Empty Ad
Empty Ad

අණ නොතකා ගිය ත්‍රී රෝද රථයකට වෙඩි

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රී රෝද රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

එම ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර බොරැල්ල ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

බොරැල්ල හරස් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවෙස් හිමියා පාවහන් සමාගමකට අධ්‍යක්ෂවරයෙක් වන අතර ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි ද සඳහන්.

ඉන් අදාළ නිවසේ ගේට්ටුවට හානි සිදුවී ඇති අතර සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනි අවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ද ලබාදී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?