අණ නොතකා ගිය ත්‍රී රෝද රථයකට වෙඩි

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රී රෝද රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

එම ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර බොරැල්ල ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

බොරැල්ල හරස් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවෙස් හිමියා පාවහන් සමාගමකට අධ්‍යක්ෂවරයෙක් වන අතර ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි ද සඳහන්.

ඉන් අදාළ නිවසේ ගේට්ටුවට හානි සිදුවී ඇති අතර සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනි අවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ද ලබාදී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59