තරුණයෙකුගේ මරණය ගැන ඥාතීන් විධිමත් විමර්ශනයක් ඉල්ලයි

බදුල්ල තල්දෙන ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඥාතීන් ඉල්ලීමක් කරනවා.

පසුගියදා මීගහකිවුල නගරයේ පැවති තොරණක් බැලීමට යන බවට නිවසට පවසා පිටත්ව ගිය ඔහු පාලමක් අසල වැටී සිටින බවටයි එදින රාත්‍රී දෙමව්පියන්ට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බදුල්ල සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි පිරිසක් විසින් මෙම තරුණයා පාලම මත වැටී සිටින ආකාරය දැක පොලිසියට සහ නිවැසියන්ට දැනුම්දී ඇති බවයි.

ගිලන් රථයක් මගින් ඔහු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී දින දෙකකට පසුව මරණයට පත්ව තිබෙනවා.

හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී පොලිසියට නියෝග කෙරුණේ මෙම මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

කෙසේවෙතත් මේ දක්වා මෙම තරුණයාගේ මරණයට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.

මෙම තරුණයා වැටී සිටි ස්ථානයේ පාලම් දෙකක් පවතින අතර එක් පාලමක් අසල ලේ පැල්ලම් තිබී ඇති අතර තරුණයා වැටී සිට ඇත්තේ වෙනත් පාලමක් අසලයි.

එබැවින් මෙය ඝාතනයක් බවට සැක කරන අතර පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය තරුණයාට තවත් සහෝදරයෙකු සහ සහෝදරියකු සිටින අතර පියාට ද ස්ථිර රැකියාවක් නොමැති බවයි.

මියගිය තරුණයා බදුල්ල කාර්මික විද්‍යාලයේ වඩු කර්මාන්තය පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටි අයෙක් බව ද සඳහන්.

මෙම අභිරහස් මරණයට සම්බන්ධ සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46