කොළඹ නගරයට පළමු වරට පාරිසරික හා දේශගුණික සැලැස්මක්

කොළඹ නගරයේ ජීවත් වන සහ නගරයට පැමිණෙන දෙස් විදෙස් සැමට බලපාන පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක් ඇති කිරීම පිළිබඳ සමාරම්භක සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත් වුණා.

කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධනගේ ඉල්ලීම පරිදි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශයේ දී මෙමක් සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ගංවතුර පාලනය, මහද්වීපික වායු දූෂණ පාලනය, ගෝලීය උෂ්ණත්ව පාලනයද මූලික කරගෙන ඇතිකරන මෙම සැලැස්මෙන් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු රාමුව තුළ, කොළඹ නගරයේ දිවා හා රාත්‍රී කාලයේදී වාතාශ්‍රයේ ගුණාත්මක බව, කැලණි නදියේ ජලයේ ගුණාත්මකභාවය, වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය, කඩොලාන හා ජලජ ජීවින් ආරක්ෂක පද්ධතිය, වන ගහණය සහ වෘක්ෂලතා ආරක්ෂක විධිවිධාන රැකගැනීම ද වනවා.

එමෙන්ම ප්ලාස්ටික්, පොලිතීන්, ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය කළමනාකරණය, කොළඹ වැදගත් ම කරුණක් වන අතර, වැඩිපුර ඇවිද යාහැකි නිදහස් පාරිසරික තත්ත්වයන් උසස් කිරීමද මෙම සැලැස්ම මඟින් අපේක්ෂා කෙරෙනවා.

බේරේ වැව, ඇළමාර්ග හා කානු පද්ධති සෞඛ්‍ය සනීපාරක්ෂාව උසස් වන අයුරින් කළමණාකරණය කරලීම, නගරයේ සනීපාරක්ෂාව, අලංකාරය හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම, කොළඹ නගරයේ පාරිසරික හා දේශගුණික සැලැස්මෙන් ඉටු කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මෙතෙක් කොළඹ නගරය සඳහා පාරිසරික හා දේශගුණික සැලැස්මක් නොතිබූ අතර, මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මගින්, නැවත කොළඹ නගරය “ආසියාවේ උද්‍යාන නගරය” (Garden City of Asia) ලෙස දියුණු කිරීම කළ හැකි බව, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙනවා.

සංඛ්‍යා ලේඛන වාර්තා අනුව කොළඹ නගරයේ පදිංචි ජනතාව 350,000 පමණ වන අතර රාත්‍රී කාලයේදී 600,000 පමණ ජනතාවක් සිටින බවත්, දිවා කාලයේ දී එය 1,250,000 වන බවත් සඳහන්.

එනමුත් කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු තොරතුරු අනුව පදිංචි ජනතාවට අමතරව විවිධ රැකියා, සේවා, ව්‍යාපාර, ආර්ථික, අධ්‍යාපන, සංචාරක කටයුතු සඳහා දේශීය විදේශීය හා විදේශියව ජීවත් වන ශ්‍රී ලාංකික පිරිස් රැසක් කොළඹ නගරයේ සිටිනා බවත්, දිවා කාලයේ දී 1,800,000 හා රාත්‍රී කාලයේ දී 750,000 දක්වා ජන ඝනත්වයන් වැඩි වන බවත් සඳහන් වනවා.

බාල, තරුණ, වැඩිමහල් සියලු දෙනාගේ මූලික පැවැත්ම උදෙසා ඉවහල් වන පිරිසිදු වාතාශ්‍රය, ජලය හා පාරිසරික තත්ත්වයන් නිර්මාණය කිරීම තුළින් වඩාත් උසස් මානසික සංතෘෂ්ඨියක් සහිත පුරවැසි සමාජයක් බිහිකිරිම, මෙම සැලැස්මේ අරමුණයි.

ඒ, අනුව ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals) වෙත දෙස් විදෙස් ප්‍රචලිත කොළඹ නගරය පෙළගස්වන මූලික සැලැස්ම මෙය වනු ඇති.

SDG ගෝලීය ඉලක්ක #3, #6, #11, #13, #14, #15, හා #17 මූලිකව සමන්විතව මෙම සැලැස්ම සකස් කිරීම පිළිබඳ, පැවැති සාකච්ඡාවේ දී දින නියම කර ගනු ලැබුවා.

කොළඹ සංවර්ධන කමිටුවේ සභාපති,යදාමිණි ගුණවර්ධනගේ මගපෙන්වීම මත, කොළඹ නගරය උදෙසා පළමු වරට පාරිසරික හා දේශගුණික සැලැස්මක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පරිසර අධිකාරිය හා කොළඹ මහ නගර සභාව අතර වන සාකච්ඡා මාලාවේ, පළමු සාකච්ඡාව 2023.06.14 දින පැවති බව, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කළා.

මීට අමතරව සියලු ම පාර්ශව කරුවන් එක් කරගෙන විශේෂඥ සහය ඇතිව මෙම සැලැස්ම පුළුල් කරලීම සඳහා මගපෙන්වීම ලබාදෙන බවයි පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22