දළදා මාලිගාවේ බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුම

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා ප්‍රරිශ්‍රයේ අලුත් මාළිගා ගොඩනැගිල්ලේ අඩි සියයක් පමණ ඉහළ කොටසේ අනාරක්ෂිතව බැඳ තිබූ බඹර වැඩ කිහිපයක් ආරක්ෂිතව ඉවත් කිරීමට බිඟු සම්පත සුරැකීමේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

දළදා මාලිගා අලුත් මාලිගා ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර මෙම බඹර වද හේතුවෙන් එම කටයුතුවලට ද ගැටළු උද්ගත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී දළදා මාලිගාව විසින් බිඟු සම්පත සුරැකීමේ සංවිධානය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව මෙම බඹර වද ඉවත් කිරීමට එම සංවිධානය පියවර ගනු ලැබුවා.

බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ නිලධාරි මහින්ද විජේසිංහ ඇතුළු කණ්ඩායම දළඳා මාළිගා පරිශ්‍රයට පැමිණ අඩි 100ක් පමණ ඉහලින් බැඳ තිබූ බඹර වද බඹරුන්ට හානි නොවන පරිදි ඉතාමත් ආරක්ෂාකාරීව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහින්ද විජේසිංහ මහතා එහිදී සඳහන් කළේ මෙම බමරුන් සම්පූර්ණයෙන් පළවා හැරීම මෙහිදී සිදු නොවන අතර අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව නැවතත් බඹර ජනපද ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙන බවයි.

ලෝකයේ පැවැත්ම සඳහා බිඟු සම්පත ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් ව පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12