spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දළදා මාලිගාවේ බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුම

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා ප්‍රරිශ්‍රයේ අලුත් මාළිගා ගොඩනැගිල්ලේ අඩි සියයක් පමණ ඉහළ කොටසේ අනාරක්ෂිතව බැඳ තිබූ බඹර වැඩ කිහිපයක් ආරක්ෂිතව ඉවත් කිරීමට බිඟු සම්පත සුරැකීමේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

දළදා මාලිගා අලුත් මාලිගා ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර මෙම බඹර වද හේතුවෙන් එම කටයුතුවලට ද ගැටළු උද්ගත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී දළදා මාලිගාව විසින් බිඟු සම්පත සුරැකීමේ සංවිධානය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව මෙම බඹර වද ඉවත් කිරීමට එම සංවිධානය පියවර ගනු ලැබුවා.

බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ නිලධාරි මහින්ද විජේසිංහ ඇතුළු කණ්ඩායම දළඳා මාළිගා පරිශ්‍රයට පැමිණ අඩි 100ක් පමණ ඉහලින් බැඳ තිබූ බඹර වද බඹරුන්ට හානි නොවන පරිදි ඉතාමත් ආරක්ෂාකාරීව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහින්ද විජේසිංහ මහතා එහිදී සඳහන් කළේ මෙම බමරුන් සම්පූර්ණයෙන් පළවා හැරීම මෙහිදී සිදු නොවන අතර අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව නැවතත් බඹර ජනපද ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙන බවයි.

ලෝකයේ පැවැත්ම සඳහා බිඟු සම්පත ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් ව පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?