වගා ආරක්ෂාවට පතරොම් තුවක්කු දෙන්නැයි කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර

වනසතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ගොවි සම්මේලනයේ ගොවි නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අද දින (15) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී ගොවි නියෝජිතයන් ඔවුන්ට බලපාන ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

විශේෂයෙන් වනසතුන්ගෙන් තම වගාවන්ට සිදු වන හානි හේතුවෙන් දෛනිකව විශාල පාඩුවක් සිදු වෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

එම නිසා වගා හානි වළක්වා ගැනීම සදහා පතරොම් තුවක්කු නැවතත් ලබා දෙන ලෙසටයි ගොවි නියෝජිතයන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව ගොවි ජනතාවට වගා ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කු නිකුත් කිරීමට අදාළව අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි තුවක්කු ලබා දීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් ද යොමු කිරීමට නියමිතයි.

මෙහිදී අදහස් පළ කළ ගොවි නියෝජිතයන්..

“තුවක්කු අපිට නැති බව අලියා පවා දන්නවා. ඒ නිසා අපි කෑ ගැහුවට ඌ යන්නෙ නැහැ. අපි ළඟ තුවක්කු නැති නිසා අලියා අපිට බය නෑ. තුවක්කුවෙන් වෙඩි නොතිබ්බත් ළඟ තුවක්කු තියෙනවා නම් ඌ අහළකට එන්නේ නෑ. අපිට අලියාට වෙඩි තියන්න උවමනා නෑ. ගෙවල් කඩලා වී බොනවා. හේන් පිටි ඉවරයි. ලයිට් නිවපු ගමන් කැළේ හැංගිලා ඉඳලා ගමට රිංගනවා. වගා කරපු දේවල් එක රැයින් විනාශ කරනවා. ඔක්කොටම හපන් රිළව්. රිළවාගෙන් කිසි දෙයක් බේරගන්න බෑ. කනවට වඩා විනාශ කරනවා. ඒ නිසා අපිට තුවක්කු දෙන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49