spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වගා ආරක්ෂාවට පතරොම් තුවක්කු දෙන්නැයි කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර

වනසතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි මේ වන විට ඉහළ ගොස් ඇති බව ජාතික ගොවි සම්මේලනයේ ගොවි නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අද දින (15) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී ගොවි නියෝජිතයන් ඔවුන්ට බලපාන ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

විශේෂයෙන් වනසතුන්ගෙන් තම වගාවන්ට සිදු වන හානි හේතුවෙන් දෛනිකව විශාල පාඩුවක් සිදු වෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

එම නිසා වගා හානි වළක්වා ගැනීම සදහා පතරොම් තුවක්කු නැවතත් ලබා දෙන ලෙසටයි ගොවි නියෝජිතයන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව ගොවි ජනතාවට වගා ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කු නිකුත් කිරීමට අදාළව අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි තුවක්කු ලබා දීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් ද යොමු කිරීමට නියමිතයි.

මෙහිදී අදහස් පළ කළ ගොවි නියෝජිතයන්..

“තුවක්කු අපිට නැති බව අලියා පවා දන්නවා. ඒ නිසා අපි කෑ ගැහුවට ඌ යන්නෙ නැහැ. අපි ළඟ තුවක්කු නැති නිසා අලියා අපිට බය නෑ. තුවක්කුවෙන් වෙඩි නොතිබ්බත් ළඟ තුවක්කු තියෙනවා නම් ඌ අහළකට එන්නේ නෑ. අපිට අලියාට වෙඩි තියන්න උවමනා නෑ. ගෙවල් කඩලා වී බොනවා. හේන් පිටි ඉවරයි. ලයිට් නිවපු ගමන් කැළේ හැංගිලා ඉඳලා ගමට රිංගනවා. වගා කරපු දේවල් එක රැයින් විනාශ කරනවා. ඔක්කොටම හපන් රිළව්. රිළවාගෙන් කිසි දෙයක් බේරගන්න බෑ. කනවට වඩා විනාශ කරනවා. ඒ නිසා අපිට තුවක්කු දෙන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?