Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දෙහිබාලේ මල්ලි අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නැමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට තුළ සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වනවා.

සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට පසුව යුරෝපයේ රටකට පලාගොස් සිටින අතරතුර මෙලෙස මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.