අය වැය මගින් බදු අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාස පොත් මිල දෙසැම්බර් 01 සිට 18 % කින් අඩුකරන බවට ජාතික පොත් ව්‍යාපාරික සංගමය ප්‍රකාශ කරනවා.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ මේ බව ප්‍රකාශ කළා.
පොත්පත් සඳහා පනවා තිබූ 18% ක වැට් බදු ඉවත් කරන බව ජනාධිපතිවරයා ඊයේ 2027 අයවැය ඉදිරිපත් කරමින් සදහන් කිරීම බෙහෙවින් අගය කරන බව ඔහු සඳහන් කරනවා.
ඒ වගේම එම තීන්දුව කවදා සිට ක්‍රියාත්මක වන්නේද යන්න පැහැදිලි නැතත් එළඹෙන දෙසැම්බර් මස 01 දින සිටම අභ්‍යාස පොත් ඇතුළු පොත්පත් වල මිල ගණන් 18 % කින් අඩු කිරීමට තම සංගමය තීරණය කළ බවත් ජාතික පොත් ව්යාබාරික සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කළේ වඩාත් සරලව ප්‍රකාශ කරන්නේ නම් රු. 10000.00 ක පොත් ලැයිස්තුවකින් රු. 2000.00 කට ආසන්න මුදලක් මෙම තීරණය හේතුවෙන් අඩුවන බවයි










