Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බදුල්ල දිස්ත්‍රික්කයට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරොන්තොට, බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර හා ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට තවදුරටත් නාය යෑම් අනතුරු සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු අඟවා තිබෙනවා.

අද (13) දින 16.00 පැයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි මෙම මධ්‍යස්ථානය වෙත නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනය මගින් ඒ බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයෙහි ඇතුළත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලිම්, පොළව ගිලා බැසිම් හා පස් කණ්ඩි කඩා වැටීම්, අනතුරුදායක ප්‍රදේශ හරහා ගමන් කරන්නන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යෑමට සූදානම් වන ලෙසත් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලා සිටිනවා.