AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලුපිටියේ සුපිරි පන්නයේ ගණිකා නිවසක් වටලා පිරිසක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර තායි තරුණියන් දෙදෙනාට අමතරව මෙරට තරුණියක්, එහි කළමනාකරු සහ ගණිකා ජාවාරම මෙහෙයවූ හිටපු හමුදා නිලධාරියෙක් ද වනවා.

අත්අඩංගුවට ගත පිරිස අතර සිටින මෙරට තරුණියගේ හත් හැවිරිදි දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ලද තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 10,000ක මුදලක් දී කාන්තාවක් මිලදී ගැනීමෙන් පසු මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ගණිකා වෘත්තියේ යෙදෙමින් එම ස්ථානයේ රැඳී සිටි තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණිය රුපියල් කෝටි දහයක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක් බවත්, ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිළියන්දල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තෙමහල් නිවසක් ද ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගණිකා වෘත්තියේ යෙදෙමින් එම වත්කම් උපයාගත් බවට අනාවරණය කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැටලීමත් සමඟ අත්අඩංගුවට ගත් ජාවාරම මෙහෙය වූ බව කියන හිටපු හමුදා නිලධාරියා අසනීප තත්ත්වයට පත්ව පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් තායි තරුණියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා තායිලන්ත තානාපති කාර්යාලය හරහා භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබාගන්නා බවයි පොලිසිය පැවසුවේ.

මෙම සුපිරි පන්නයේ ගණිකා නිවාසයට දේශීය මෙන්ම විදේශීය ධනවතුන් නිරන්තරයෙන් ආ ගිය බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
21
+1
61
+1
13
+1
19
+1
15
+1
24
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?