කොල්ලුපිටියේ සුපිරි පන්නයේ ගණිකා නිවසක් වටලා පිරිසක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර තායි තරුණියන් දෙදෙනාට අමතරව මෙරට තරුණියක්, එහි කළමනාකරු සහ ගණිකා ජාවාරම මෙහෙයවූ හිටපු හමුදා නිලධාරියෙක් ද වනවා.

අත්අඩංගුවට ගත පිරිස අතර සිටින මෙරට තරුණියගේ හත් හැවිරිදි දියණිය ද එම ස්ථානයට කැඳවාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ලද තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 10,000ක මුදලක් දී කාන්තාවක් මිලදී ගැනීමෙන් පසු මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ගණිකා වෘත්තියේ යෙදෙමින් එම ස්ථානයේ රැඳී සිටි තායි තරුණියන් දෙදෙනාට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණිය රුපියල් කෝටි දහයක පමණ දේපළවලට හිමිකම් කියන තැනැත්තියක් බවත්, ඇයගේ නමින් සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, පිළියන්දල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තෙමහල් නිවසක් ද ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

එම සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගණිකා වෘත්තියේ යෙදෙමින් එම වත්කම් උපයාගත් බවට අනාවරණය කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැටලීමත් සමඟ අත්අඩංගුවට ගත් ජාවාරම මෙහෙය වූ බව කියන හිටපු හමුදා නිලධාරියා අසනීප තත්ත්වයට පත්ව පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් තායි තරුණියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා තායිලන්ත තානාපති කාර්යාලය හරහා භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබාගන්නා බවයි පොලිසිය පැවසුවේ.

මෙම සුපිරි පන්නයේ ගණිකා නිවාසයට දේශීය මෙන්ම විදේශීය ධනවතුන් නිරන්තරයෙන් ආ ගිය බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

  1. USAVI DANNATH PULUWAN, NODAVI KIYANA EKA 95% SURE. MEKE RASA BALAWE LOKU UN NISA OKE POLICIYE LOKU UN ATHI. NONILA POLICE RAJYA SAHAYA NATHUWA OWA OYA WAGEYI THAN WALA PAWATHWAGENA YANNA BAHE. OWA OTHANA THIYENNE OYA AWATA INNA LOKU UNTA YANNA ENNA PAHASUWATA. USAWI DAMMATH EPA DEYI. MOKADHA OKATA APU LAWYER LA MA OKATA PENEE HITIY NIKAM UNATH. ITA PASSE AYE OKA THIBUNATA WADA HONDATA KARAGENA YAYI



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50