දුරකථනයේ රීට් පෙත්සම යළි කැඳවීමට අධිකරණය දින දෙයි

නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කරගෙන ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා විසින් ගොනු කළ රිට් පෙත්සම අද (13) කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන තිබෙන බවයි.

එම කටයුතුවලට අදාලව නව ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් රජයේ නීතිඥවරයා මෙහිදී දන්වා සිටියා.

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් කියා සිටියේ අදාළ ලිපිය ඉවත් කරගෙන තිබෙන්නේ මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව බැවින් මෙම පෙත්සම විභාගයට නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ, අනුව පෙත්සම මේ මස 26 වනදා යළි කැඳවීමට ද අධිකරණය නියම කළා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නම්කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යම්කිසි පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වීමෙන් අනතුරුව ඒවායේ බලය කොමසාරිස්වරයෙකු හෝ එම පළාත් පාලන ආයතනයෙන් ලේකම්වරයා යටතට පැවරීම සාමාන්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය බවයි.

එහෙත් එම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් ඉකුත් මැයි මස 09 වනදා ලිපියක් නිකුත් කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට යෝජනා කර ඇතැයි පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

පළාත් පාලන ආයතන පනතේ විධි විධානයන්ට අනුව එම ආයතනවල බලය මෙවැනි කමිටුවකට පැවරීමට නීතිමය ඉඩකඩක් නොමැති බවත් මෙය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් කියා සිටියා.

එබැවින් ඉකුත් මැයි මස 09 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාළ ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, එම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් අයැද සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?