Update – ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට මුහුණදීමට සිදු වූ අකරතැබ්බය ගැන විශේෂ නිවේදනයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා සිම්බාබ්වේ දේශයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් ඊයේ දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවුණා.

ඒ, හේතුවෙන් දීර්ඝ ගුවන් ගමනක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදුවුණේ පැය ගණනක් හෝටලය තුළ බිම වාඩි වී සිටීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදු වූ මෙම අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (11) රාත්‍රියේම විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව සිම්බාබ්වේ බුලවායෝ හි හෝටලයේ ඇතුළුවීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පරීක්ෂා කිරීම ප්‍රමාදවීමට හේතු වී ඇති බවයි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එම ගැටලුව නිවැරදි කිරීමට කටයුතු කළ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32