විදුලි බිල අඩුවන ආකාරය ප්‍රකාශයට පත්වෙයි

ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගාස්තු අඩුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඒකක 0-30 දක්වා කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ බිල 26.9%කින් අඩුවන බවයි.

ඒකක 31 සිට 60 අතර පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයන්ගේ විදුලි බිල අඩුවීම සිදු වන්නේ 10.8%කින්. ඒකක 61 – 90 දක්වා විදුලි පාරිභෝගිකයන්ගේ බිල 7.2%කින් අඩු කෙරෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති සටහනට අනුව වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි බිල අඩු වන්නේ 3.4%කින්.

ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරනු ලබන අයගේ විදුලි බිල 1.3%කින් අඩු වනු ඇති.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අනුව ආගමික ස්ථාන සහ පුන්‍යායතන සඳහා විදුලි බිලෙහි අඩු වීම 3.2%ක්.

කර්මාන්ත අංශය, පොදු කාණ්ඩය, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන කාණ්ඩයේ විදුලි බිලෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල 12.6%කින් අඩු වීම සිදු වනවා.

Electricity Bill scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41