spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල අඩුවන ආකාරය ප්‍රකාශයට පත්වෙයි

ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගාස්තු අඩුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඒකක 0-30 දක්වා කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ බිල 26.9%කින් අඩුවන බවයි.

ඒකක 31 සිට 60 අතර පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයන්ගේ විදුලි බිල අඩුවීම සිදු වන්නේ 10.8%කින්. ඒකක 61 – 90 දක්වා විදුලි පාරිභෝගිකයන්ගේ බිල 7.2%කින් අඩු කෙරෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති සටහනට අනුව වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි බිල අඩු වන්නේ 3.4%කින්.

ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරනු ලබන අයගේ විදුලි බිල 1.3%කින් අඩු වනු ඇති.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අනුව ආගමික ස්ථාන සහ පුන්‍යායතන සඳහා විදුලි බිලෙහි අඩු වීම 3.2%ක්.

කර්මාන්ත අංශය, පොදු කාණ්ඩය, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන කාණ්ඩයේ විදුලි බිලෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල 12.6%කින් අඩු වීම සිදු වනවා.

Electricity Bill scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
1
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?