ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන රාත්‍රී 11ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහල්ගත කර තිබෙනවා.
මේ හේතුවෙන් ඇයට සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වී තිබෙනවා
ඇඟපත සෝදාගත් සිසුවිය තුවායක් ඇඳගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී කළුවරේ සැඟවී සිටි පුද්ගලයකු එක්වරම ඇය බදාගෙන, ඇඳ සිටි තුවාය ගලවා දමා බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි ද එම අවස්ථාවේ සිසුවිය කෑ ගසා තිබේ. දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු සිසුවිය අතහැර දමා පලාගොස් ඇතැයි වාර්තාවනවා.
මව සහ දියණිය සැකකරු හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.











MONAWADA DARUO 11 WENAKAM KALEYI. PISSUDHA OYATA MAHA REYE ELIYATA BAHINNA. PADAM KARANNA ONA ANGA SODALA NE DARUWO. RASNE THAMAYI, DADIYA HATHARA ATHINMA GALANAWA THAMAYI, FAN NATHUWA ATHI. THIBUNATH EKEN ENNE GINI RASNE HULAN THAMAYI. NAMUTH SARPAYEK KEWA NAM GEDARA KAWURUTH DANNE NAHENEDHA. OYA ELIYATA GIHIN ENAKAM GEDARA AYA OUYAWA THANIYAMA DALA NIDA GATHTHADHA. MAMA MAGEYI DUWA PDAM KARALA IWARA WENAKAM NAGITALA HITIYA GE ATHULEMA OKKOMA THIBUNATH. EKA EYATA SHAKTHIYAK NISA. PARISSAM WENNE DUWE HEMA THANAMA ASAHANAKARA KUDU ICE GANJA KG GAHANA NUGATH KAMATHURA IWASEEMAK NATHI MINEE MARU EWUN INNE. OYA OYA THARAMIN BERUNA ATHI.