බස්නාහිර, සබරගමුව සහ දකුණට අද ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අද (02) දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?