වැව් දිය මත අවසන් හුස්ම හෙළූ සද්ධන්තයා (ඡායාරූප)

ඉපලෝගම ඉදුනුගල වැවේ තිබියදී සොයා ගත් මිය ගිය කෙනරක ගේ මළ සිරුරක් ගොඩ ගෙන මිහිදන් කිරීමට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් එම කෙනර මිය ගොස් ඇති බවටයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ රිටිගල, නාච්චාදූව හා කලාවැව ආදී රක්ෂිතවල නිරන්තරයෙන් සැරිසැරූ වයස අවුරුදු 15ක් 20ක් පමණ වන කෙනරක්.

දින කිහිපයකට ඉහතදී එම කෙනෙර හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට බරපතළ හානි සිදුව තිබූ බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

එම සත්වයාගේ දිවි බේරා ගැනීම සදහා අවස්ථා කිහිපයකදීම අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගෙන තිබුණා.

හක්කපටස් හේතුවෙන් මුඛයේ ඇතිවු බරපතල තුවාල හමුවේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම කෙනෙර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී යි මෙලෙස මිය ගොස් ඇත්තේ. ඒ ඉපලෝගම ඉදුනුගල වැවේ වැව් දිය මතයි.

වැවෙහි වැටී තිබූ කෙනෙරගේ මළ සිරුර ගොඩ ගැනීම සදහා වනජීවී නිලධාරීන් ඊයේ සවස කටයුතු කළ අතර ඒ සඳහා ජේසීබී යන්ත්‍රයක සහය ලබා ගැනීමට ද සිදුව තිබුණා.

ගොඩට ගත් එම කෙනරගේ මුඛයට බරපතල හානි සිදුව ඇති අයුරු එහිදී දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශීකා මධුවන්ති මෙනවිය විසින් පවත්වා තිබූ අතර එහිදී තහවුරු වී ඇත්තේ හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාගේද සහය ඇතිව වැවෙන් ගොඩ ගත් එම කෙනරගේ සිරුර එම වැව් රක්ෂිතයේ මිහිදන් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?