වැව් දිය මත අවසන් හුස්ම හෙළූ සද්ධන්තයා (ඡායාරූප)

ඉපලෝගම ඉදුනුගල වැවේ තිබියදී සොයා ගත් මිය ගිය කෙනරක ගේ මළ සිරුරක් ගොඩ ගෙන මිහිදන් කිරීමට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් එම කෙනර මිය ගොස් ඇති බවටයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ රිටිගල, නාච්චාදූව හා කලාවැව ආදී රක්ෂිතවල නිරන්තරයෙන් සැරිසැරූ වයස අවුරුදු 15ක් 20ක් පමණ වන කෙනරක්.

දින කිහිපයකට ඉහතදී එම කෙනෙර හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට බරපතළ හානි සිදුව තිබූ බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

එම සත්වයාගේ දිවි බේරා ගැනීම සදහා අවස්ථා කිහිපයකදීම අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගෙන තිබුණා.

හක්කපටස් හේතුවෙන් මුඛයේ ඇතිවු බරපතල තුවාල හමුවේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම කෙනෙර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී යි මෙලෙස මිය ගොස් ඇත්තේ. ඒ ඉපලෝගම ඉදුනුගල වැවේ වැව් දිය මතයි.

වැවෙහි වැටී තිබූ කෙනෙරගේ මළ සිරුර ගොඩ ගැනීම සදහා වනජීවී නිලධාරීන් ඊයේ සවස කටයුතු කළ අතර ඒ සඳහා ජේසීබී යන්ත්‍රයක සහය ලබා ගැනීමට ද සිදුව තිබුණා.

ගොඩට ගත් එම කෙනරගේ මුඛයට බරපතල හානි සිදුව ඇති අයුරු එහිදී දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය උදේශීකා මධුවන්ති මෙනවිය විසින් පවත්වා තිබූ අතර එහිදී තහවුරු වී ඇත්තේ හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාගේද සහය ඇතිව වැවෙන් ගොඩ ගත් එම කෙනරගේ සිරුර එම වැව් රක්ෂිතයේ මිහිදන් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51