කොස් ගෙඩියේ ආරවුලට හෝටල්හිමියා මැරූ සැකකරු අත්අඩංගුවට

පසුගිය 22 වනදා ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර – රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළ දී එම හෝටලයේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියව සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්මලාන ප්‍රදේශයේදී ම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 31ක තැනැත්තෙක්.

සැකකරු ඝාතනය සිදුකර පළාගොස් සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (27) දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

හෝටලයට කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු එම හෝටලයේ හිමිකරු සමඟ ගණන් හිලව් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබූ බවයි විමර්ශන වලදී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?