බීඩි කොළ තොගයක් කල්පිටියේ දී ආරක්ෂක අංශ භාරයට (ඡායාරූප)

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් කල්පිටිය, පාලුකුඩාව ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

වෑන් රථයකින් මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය කරමින් තිබිය දී ලද තොරතුරකට අනුව එය ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැක සහිත වෑන් රථය ආරක්ෂක අංශ විසින් අතර මඟ නවතා පරීක්ෂා කිරීමට යාමේ දී එහි රියදුරු පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 630ක් මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, මේවා කල්පිටිය ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් තිබූ බවටයි සැකපළ කරන්නේ.

හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එලෙස ආරක්ෂක අංශ භාරයට ගත් බීඩි කොළ තොගය සහ වෑන් රථය කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32