spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීඩි කොළ තොගයක් කල්පිටියේ දී ආරක්ෂක අංශ භාරයට (ඡායාරූප)

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් කල්පිටිය, පාලුකුඩාව ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

වෑන් රථයකින් මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය කරමින් තිබිය දී ලද තොරතුරකට අනුව එය ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැක සහිත වෑන් රථය ආරක්ෂක අංශ විසින් අතර මඟ නවතා පරීක්ෂා කිරීමට යාමේ දී එහි රියදුරු පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 630ක් මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, මේවා කල්පිටිය ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් තිබූ බවටයි සැකපළ කරන්නේ.

හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එලෙස ආරක්ෂක අංශ භාරයට ගත් බීඩි කොළ තොගය සහ වෑන් රථය කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?