පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ විනය භාර ගුරුවරයාට සිසුන් පිරිසක් සිදුකල අමානුෂික පහර දීමේ සිද්ධියට අදාළව තවත් සිසුන් 17 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් හෙට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිසුන් පිරිසක් ආචාර්යවරයාට සිදු කළ අමානුෂික පහර දීමට විරෝධය දක්වමින් එම පාසලේ සිසු සිසුවියන් හා ගුරුවරුන් ඊයේ විරෝධතාවයක ද නිරත වුණා.
විනය භාර ගුරුවරයාට එම පාසලේම සිසුන් පිරිසක් පසුගිය (23) වනදා පහර දී තිබුනේ පාසලට ගැලපෙන අයුරින් නිසි විනයකින් පැමිණෙන ලෙසට කළ අවවාදයක් හේතුවෙන්.
මෙම පහර දීමෙන් ගුරුවරයා තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
එම සිද්ධියෙන් පසු පුත්තලම මුලස්ථාන පොලිසිය පහර දීමට සම්බන්ධ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.














MERA KALAKANI SINGITHI PATHALAYIN THAWA MASAYAK OHOMAMA ATHULE THIYANNA.