ශ්‍රී ලංකාවට පැමිණෙන චීන පුරවැසියන්ට තානාපති කාර්යාලයෙන් උපදෙස්

ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයින්ට මෙරට නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය උපදෙස් දී තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලයයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

“ව්‍යාපාර, රැකියා, අධ්‍යයනය සහ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම චීන පුරවැසියන් ශ්‍රී ලංකාවේ නීති හා රෙගුලාසිවලට දැඩි ලෙස පිළිපැදිය යුතු අතර දේශීය ආගමික හා සංස්කෘතික සිරිත් විරිත්වලට ගරු කළ යුතුය.”

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් චීන ජාතිකයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ බවට පසුගියදා වාර්තා වීමත් සමඟයි තානාපති කාර්යාලය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති කාර්යාලය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.

පසුගිය 17 වනදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු පැමිණ තිබුණේ තවත් චීන ජාතිකයෙකු සහ ඊජිප්තු ජාතිකයෙකු සමඟයි.

ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම චීන ජාතිකයා නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත්, අදාළ චීන ජාතිකයා විදේශ ආයෝජකයෙකු බව ප්‍රකාශ කළ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ උපදෙස් මත ඔහු ඇතුළු පිරිසට රටට ඇතුළු වීමට අවසර ලබාදී තිබුණා.

තම අමාත්‍යාංශය යටතේ පවතින නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බව පවසමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් චීන ජාතික මගියාට මෙරටට ඇතුළු වීමට අවසර දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වූයේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ චීන ජාතිකයාට එරෙහිව රජය පියවර ගන්නා අතර කොළඹ චීන තානාපති කාර්යාලයේ උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පරීක්‍ෂණවලින් අනතුරුව මෙම චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10