ඊයේ (23) වන දින කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේ මහවැලි ගහේ පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට 119 නොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත කටුගස්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මරණකරු වයස අවුරුදු 50 න් 60 ක් පමණ වන පිරිමි පුද්ගයෙකු වන අතර, නිල් කොටු සහිත අත් කොට කමිසයක් සහ කළු පැහැති බොටම් කලිසමක් ඇඳ සිට තිබේ
මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
3
+1
1
+1