AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය පොසොන් උත්සවයට කිසිඳු අඩුපාඩුවක් වෙන්නේ නැහැ – අගමැතිගෙන් සහතිකයක්

මිහින්තලාව ප්‍රමුඛ රාජ්‍ය පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිඳු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශ්වයෙන් සිදුනොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දිනයේ පාර්ලිමේන්තුවේ දී යොමුකළ පැනයකට පිළිතුරු සපයමින්.

රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්ත්වයක් පැවතීම කණගාටුවට කරුණක් බව, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමියන් පසුගිය දා සඳහන් කළා.

උන්වහන්සේ එහිදී සඳහන් කර සිටියේ උදාවන රාජ්‍යය පොසොන් සතිය සඳහා මේ වන තෙක් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය , සංස්කෘතික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය පොසොන් උත්සවය මඟහැර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?