රාජ්‍ය පොසොන් උත්සවයට කිසිඳු අඩුපාඩුවක් වෙන්නේ නැහැ – අගමැතිගෙන් සහතිකයක්

මිහින්තලාව ප්‍රමුඛ රාජ්‍ය පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිඳු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශ්වයෙන් සිදුනොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද දිනයේ පාර්ලිමේන්තුවේ දී යොමුකළ පැනයකට පිළිතුරු සපයමින්.

රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්ත්වයක් පැවතීම කණගාටුවට කරුණක් බව, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමියන් පසුගිය දා සඳහන් කළා.

උන්වහන්සේ එහිදී සඳහන් කර සිටියේ උදාවන රාජ්‍යය පොසොන් සතිය සඳහා මේ වන තෙක් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය , සංස්කෘතික සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය පොසොන් උත්සවය මඟහැර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06