දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද ( 23) දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.