වැඩිහිටි නිවාසයේ හාන්සි පුටුවක් මත මියගොස් සිටි ආච්චිගේ මරණය සැකයක්

හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හාන්සි පුටුවක් මත මියගොස් සිටි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් තිබුණේ හල්තොට, යාලගල ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැහැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්.

අදාළ කාන්තාව හාන්සි පුටුවේ සිටිය දී හදිසියේ මිය ගොස් ඇති බවට, වැඩිහිටි නිවාසයේ භාරකරු හොරණ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී මියගොස් සිටි කාන්තාවගේ දණහිසත් වළලුකරත් අතර අස්ථිය බිඳී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ, අනුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මෙම මරණය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති බව සඳහන්.

හොරණ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34