නිල සංචාරයකට ජනපති රනිල් හෙට දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

සිය එක් දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ( Fumio Kishida) මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත. එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi), මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ (Taro Kono) යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei) ඇමතීමට නියමිතය.ආසියාවේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටළු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබඳව කලාපයේ නායකයන් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවකි. ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡා පවත්වනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට 2022 සැප්තැම්බර් මාසයේ ජපානයේ සංචාරයක නිරත වූ අතර වත්මන් ධූර කාලය තුළ ජනාධිපතිවරයා ජපානයේ සිදුකරන දෙවන සංචාරය මෙයයි.

ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19
Video thumbnail
කොට්ටච්චි කළුතර රැළිය දෙවනත් කරයි..පාලක පන්තිය, වැඩ කරන ජනතාව කියලා දෙකක් නෑ
07:58
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අනුර ඇවිල්ලා දාපු සුපිරි ඩාන්ස් එක
07:45
Video thumbnail
නුවරඑළියට ගිය ජනපතිට මුජිබුර් රිදෙන්නම දෙයි
06:44
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46