සුරාසැල් ජුනි මස 03 වන දින වසා දැමීමට තීරණයක්

දිවයින පුරා පිහිටි සුරාසැල් ජුනි මස 03 වන දින වසා දැමීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පොසොන් පොහොය හේතුවෙනි.

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් දින 7ක් සුරාසැල් වසා තැබීමට නියෝග කර ඇති අතර මැයි 31 වැනිදා සිට ජුනි මස 06 වැනිදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලූම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් එම දිනයන් හිදී වසා තැබෙනු ඇති.