දිවයින පුරා ගුරු අධ්‍යාපනඥයින් හෙට ලෙඩවෙයි

දිවයින පුරා ගුරු අධ්‍යාපනඥයින් හෙට (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය සදහන් කළේ උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ එකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ ලේකම් සවනතිලක ගජධීර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්.

“ගුරු අධ්‍යාපනඥයා කියන්නේ ගුරුවරුන්ට පූර්ව සේවා පුහුණුව ලබාදෙන නිලධාරියෙක්.මෙම තනතුර විධායක ශ්‍රේණියට අයත් එකක්. ඒ වගේම ඕනෑම ගුරුවරයෙකුට අඛණ්ඩ පුහුණුව ලබාදීම සහ සේවස්ථ පුහුණුව ලබාදීම ද ගුරු අධ්‍යාපනඥයින් විසින් සිදුකරණු ලබනවා.ඒ අනුව ලබන විට දිවයින පුරා සිටින ලක්ෂ 42ක් පමණ වන පාසල් දරුවන්ගේ අනාගතයෙන් වැඩි වගකීමක් ඇත්තේ ගුරු අධ්‍යාපනඥයාටයි. ගුරු අධ්‍යාපනඥයින්ගේ 70% ක් පමණ දැනට සේවය කරන්නේ ජාතික අධ්‍යාපන පීඨ වල, දිවයින පුරා ඇති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19 එකට එකතු කර ස්වාධීන විශ්ව විද්‍යාලයක් ස්ථාපනය කරන බව බලධාරීන් කියා සිටිනවා. නමුත් එය හිතළුවක් පමණක් බවයි අපි විශ්වාස කරන්නේ. මේ අතර තුරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වී විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇති බොහෝ දෙනෙක් මේ වන විට විද්‍යා පීඨ සදහා අයදුම් කර තිබෙන බව දැන ගන්න තිබෙනවා. ඒ ජාතික අධ්‍යාපන විද්‍ය පීට වලින්ද ගුරු උපාධි පිරිනැමීමට කටයුතු කරන බවට කරන ලද ප්‍රකාශයක් නිසා. කොහොම හරි දැන් වෙන්න යන්නේ දරුවන්ට විශ්වවිද්‍යාලත් නෑ, අධ්‍යාපන විද්‍යා පීඨත් නෑ කියන තත්ත්වවය ඇති කිරීමයි.
ජාතික අධ්‍යාපන පීඨ වලට ඇතුළත් වන අභ්‍යාසලාභී ගුරුවරුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ගුරු අධ්‍යාපනඥයින් විසින්. නමින් ඔවුන් කථිකාචාර්ය වුවත් වැටුප සාමාන්‍ය ගුරුවරයෙකුටත් වඩා පහත් තත්ත්වයක පවතින්නේ. ගුරු අධ්‍යපනඥයා යනු විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වුවත් කිසිදු වරප්‍රසාදයක් ඔවුන්ට හිමි වන්නේ නෑ. දීමනා, ප්‍රවාහන පහසුකම් ඒ අතර වනවා. එමෙන්ම උසස්වීම් ලබාදීම් වසර ගනානවකින් සිදුකර නැහැ, පවතින ගැටළු විසදා දෙන ලෙස ඉල්ලමින් මේ වන විට අප සංගමය අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට ලිපි 1000 කට අධික ප්‍රමාණයක් යොමු කර තිබෙනවා. එමෙන්ම සාකච්ඡා 100 කට වැඩි ප්‍රමාණයක් පවත්වා තිබෙනවා. මේ ආකාරයට ගුරු අධ්‍යාපනඥයින්ගේ ගැටළු විසදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ මෙම සේවය දියකර දැමීමේ කුමන්ත්‍රණයක පළමු අදියර ලෙසද අපිට සැකයක් පවතිනවා.”

  1. MAMA PASAL GIYA 1972-1986 KALAYE GURUWARU BAHUTHARAYAK DEVIWARU, DEVATHAVIYO. EYALA LABENA DEYA GENA HITHUWEMA NAHE. EYALA DARUANTA DENA DEYA GENAMA THAMAYI HITHUWE.. BOHO AYA PASAL WELAWEN PASSE IGANNUWA. 1983 KALU JULIYA, EKA UDAHARANAYAK. EYALA CURFEW NISA PASAL WAHUWAMA PATAN GATH PASU AMATHARA PANTHI DALA EWA COVER KALA. EXAM LAN WENAKOTA AYE PNTHI DANAWA. APITA EY KALAYE MALA PENALA HITIYE. OYLA DANNAWA DHA MAMA O/L MATHS PRIVAT TUTION GIYE MASA 6YI. ITHURU SUBJECT 7 ISKOLEMA PARATHERATAMA IGANNUWA. EYALA GATHTHE RS.1000 ADU HO 2000 IKMAWA NOGIYA PADIYAK. EYALATA 1.30 PASSE THAMUNGE WEDAK BALAGANNA THIBUNA. ME WAGEYI STIKR DARUANGEN PALI GANILI DAKNNA THIYA AHANNAWATH LABUNE NAHE. EYI THARAM GHAMBHEERA, USAS, GARUTHWAYAK LABENA DEWA KARIYAK EYALA KALEYI. MENNA DAN INNA AYA. ME OKKOMA LEAD KARANNE ANTHAWADHEE DEMALA KATHOLICA STALIN, PITIN MAKSWADHEE KIYAGANNAM MAHINDA WAGI DESHAPALANA GOTTAN.