ලක්ෂ අසූවේ නිල් මැණිකට ව්‍යාජ මැණිකක් මාරු කරලා – නුවර පොලිසියෙන් විමර්ශන

මහනුවර – පේරාදෙණිය මාර්ගයේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳසැලකට ඊයේ (20) පැමිණි පිරිසක් එහි තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා නිල් මැණිකක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

සොරාගත් නිල් මැණිකේ පෙනුමට සමාන ලෙස නිල් මැණිකක් ලෙස වර්ණ ගැන් වූ වීදුරු ගලක් රැගෙන පැමිණ ඇති එම පුද්ගලයින් ඉතා සූක්ෂම ලෙස එම ගල මාරුකර නිල් මැණික සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණි පිරිස නිල් මැණික පරීක්ෂාකර අනතුරුව එය මිලට ගැනීමට යළි පැමිණෙන බව දන්වමින් පිටව ගොස් ඇති අතර, ඔවුන් පිටවගොස් පැය කිහිපකට පසු වෙළෙඳසැල්හිමියාට පැමිණි පිරිස සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.

එහිදී වෙළෙඳසැල්හිමියා මැණික පරීක්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණිකක් බවට හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

පැමිණි පුද්ගලයින් තිදෙනා අතරින් එක් අයෙකු ගැණුම්කරු ලෙසත් අනෙක් දෙදෙනා බ්‍රෝකර්වරුන් ලෙස ලෙසත් පෙනී සිට ඇති බවයි වාර්තා වුණේ.

ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් පිළිබදව හා ඔවුන් පැමිණි වාහනය සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිස් ස්ථානය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08